ශ්‍රී ලාංකික සම්භවයකට හිමිකම් කියනු ලබන රනිල් ජයවර්ධන බ්‍රිතාන්‍යයේ ඉකුත් බ්‍රහස්පතින්දා පැවති මහමැතිවරණයේදී පරාජයට පත්ව තිබේ.
එරට කන්සර්වේටිව් පක්ෂය නියෝජනය කරමින් ජයවර්ධන තරඟ වැදුනු අතර එහිදී ඔහු සමඟ තරඟ කළ ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ අපෙක්ෂකයා ඡන්දය 21,178ක් ද රනිල් ජයවර්ධන ඡන්ද 20,544 ක්ද ලබා තිබූණි.
ඒ අනුව හිටපු අමාත්‍යවරයකු වන ජයවර්ධන හට සිය මන්ත්‍රී ධූරය අහිමි වී තිබේ.
ජයවර්ධන හිටපු බ්‍රිතාන්‍ය අග්‍රාමත්‍යවරියක් වු ලිස් ට්‍රස්ගේ ආණුවේ පාරිසරික, ආහාර සහ ග්‍රාමීය කටයුතු භාරව කටයුතු කරනු ලැබීය.
ජයවර්ධන 2015 වර්ෂයේ සිට 2024 දක්වා ඊසානදිග හැම්ප්ෂයර් නියෝජනය කරමින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව නියේජනය කරනු ලැබීය.
ඔහු මන්ත්‍රීවරයෙකු වීමට පෙර ලොයිඩ්ස් බැංකුවේ සේවය කරනු ලැබීය.
මෙවර මැතිවරණයේදී බ්‍රිතාන්‍යයේ කම්කරු පක්ෂය විශාල ජයග්‍රහනයක් ලබා ගත් අතර එහිදී බ්‍රිතාන්‍යයේ කන්සර්වේටිව් පක්ෂයේ වසර 14ක පාලනයද අග්‍රමාත්‍ය රිෂි සුනක්ගේ අග්‍රාමත්‍ය ධුරයද අවසන් විය.