බ්‍රිතාන්‍යයේ කොන්සර්වේටිව් පක්ෂයේ වසර 14ක පාලනය සහ රිෂි සුනක්ගේ අග්‍රාමත්‍ය ධූරය අවසන් කරමින් එරට කම්කරු පක්ෂය මහ මැතිවරණයේ සුවිශේෂී ජයග්‍රහනයක් ලබා ගැනීමට සමත්ව ඇත.
ඒ අනුව බ්‍රිතානයේ මීළඟ අග්‍රමාත්‍යවරයා බවට කම්කරු පක්ෂයේ නායක කයිර් ස්ටාර්මර් පත්වනු ඇති බවට බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ඊයේ පැවති මැතිවරණයේ ප්‍රතිඵල තවමත් නිකුත් කිරීමට තිබුණද එරට කම්කරු පක්ෂය දැනටමත් පාර්ලිමේන්තුවේ ආසන 650 න් 326 කට වඩා දිනා ගෙන ඇති අතර, එරට දේශපාලන විචාරකයින්ට අනුව කම්කරු පක්ෂය ආසන අවම වශයෙන් 410 ක් පමණ දිනාගනු ඇති බවටද අපෙක්ෂා කරයි.
නිකුත් කර ඇති ප්‍රතිඵල වලට අනුව සුනක් නායකත්වය දක්වන කොන්සර්වේටිව් පක්ෂය දිනාගෙන ඇත්තේ ආසන 70ක් පමණි.
තම පක්ෂය ලැබූ පරාජයත් සමඟ සුනක් සිය ප්‍රතිවාදී කම්කරු පක්ෂයේ නායකයාට සුබ පැතුම් එක් කර තිබේ.
පසුගිය කාලයේදී බ්‍රිතාන්‍යයේ දැඩි ආර්ථික අභියෝග මතු වූ අතර ඊට ඉතා සීඝ්‍රෙයන් ඉහළ ගිය උද්ධමනය විශාල හේතුවක් විය.
මේ අතර සුනක් පාලනය සංක්‍රමණිකයින් සම්බන්ධයෙන් දැඩි තීරණ රැසක් ගනිමින් එරට වැසියන්ට රැකියා අවස්ථා සහතික කිරීමට උත්සහ කළද එම වෑයම් බහුතරයක් අසාර්ථක විය.