චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා හමුවෙයි.
එම හමුව ඊයේ (03) සවස කසක්ස්ථානයේ අස්තානා අගනුවර දී පැවැත්විණ.
පසුගිය මැයි මාසයේ ව්ලැදිමීර් පුටින් මහතා චීනයේ නිල සංචාරයක නිරත වූ අවස්ථාවේ තමා පුටින් මහතා සමඟ දෙරට සබඳතාවේ ඉදිරි සංවර්ධනය සඳහා විධිමත් සැලැස්මක් සම්පාදනය කර ඇතැයි ෂී ජින් පිං මහතා එම හමුවේ දී පැවසීය.
ගෝලීය පරිසරය කෙතරම් කැළඹිලි සහිත වුවද චීනය හා රුසියාව දෙරට අතර මිත්‍රත්වයේ මූලික අරමුණු එලෙසම පවත්වා ගෙන යා යුතු බව ද චීන ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය. එසේම, දෙරට ජනතාවට ප්‍රතිලාභ ලබාදීමේ නොපසුබට උත්සාහය ද එක ලෙස පවත්වා ගත යුතුය.
අද (4) පැවති ශැංහයි සහයෝගිතා සංවිධානයේ අස්තානා සමුළුවට පූර්වගාමීව මෙම හමුව පැවැත්විණ. චීන ජනාධිපතිවරයා මීට අමතරව උස්බෙකිස්තානය, අසර්බයිජානය හා කිර්ගිස්තානය යන රටවල ජනාධිපතිවරුන් සමග ද සාකච්ඡා පැවැත්වීය.
ලෝක බලවතුන් දෙදෙනෙක් විශේෂ හමුවක
මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.