තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කළමනාකරණ සේවා නිලධාරීහු දෙදින වැඩ වර්ජනයකට සැරසෙති

    කළමනාකරණ සේවා නිලධාරීහු දෙදින වැඩ වර්ජනයකට සැරසෙති

    කළමනාකරණ සේවා නිලධාරීන්ගේ කාලයක් තිස්සේ නොවිසඳුණු ගැටලු කිහිපයක් සදහා විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා ජූලි 8 වෙනිදා හා 9 වෙනිදා වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව කළමනාකරණ සේවා නිලධාරී සංගම් එකතුව පවසයි.

    කළමනාකරණ සේවාව සදහා නිර්දේශිත MN 3 වැටුප ලබාදෙන ලෙසත්, පරිපාලන නිලධාරීන්ගේ අහිමි කරන ලද විධායක තත්වය නැවත ලබාදෙන ලෙසත්, කැබිනට් අනුමැතිය ලද සුවිශේෂි කාර්‍යය සාධනය මත උසස්වීම් විභාග ක්‍රමය වහාම ලබාදෙන ලෙසත්, ආර්ථික යුක්තිය ඉටුකිරීම සදහා 25000/= දීමනාව ලබාදීම යන එම ඉල්ලීම්වලට ඇතුළත් ය.

    කළමනාකරණ සේවාවේ නියෝජනය කරන වෘත්තීය සමිති 10ක් ඒකාබද්ධව මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමට නියමිත ය.

    වර්ජනය පිළිබඳ දැනුම් කිරීමේ ලිපිය අද දිනයේදී කළමනාකරණ සේවා නිලධාරී එකතුවේ වෘත්තීය සමිති නායකයන් රැසක් විසින් මුදල් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පුල්ලෙපෙරුම මහත්මියට බාරදී ඇත.

    එලෙසම ජනාධිපති ලේකම් කාර්‍යාලයේ විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ කපිල ගුණසිංහ මහතා වෙතද එම ඉල්ලීම් ලබා දෙන ලදී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img