තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඊශ්‍රායලයේ ගොවිබිම්වලට යන්න හිටපු අයට ක්ෂේත්‍ර කිහිපයකින් රැකියා අවස්ථා

    ඊශ්‍රායලයේ ගොවිබිම්වලට යන්න හිටපු අයට ක්ෂේත්‍ර කිහිපයකින් රැකියා අවස්ථා

    ඊශ්‍රායලයේ කෘෂිකාර්මික රැකියා සඳහා යාමට අපේක්ෂාවෙන් සිටින ලාංකික තරුණ තරුණියන්ට දක්ෂතා මත එරට හෝටල්, කාර්මික, ඉදිකිරීම්, යටිතල පහසුකම් ක්ෂේත්‍රවල රැකියා අවස්ථා සඳහා යාමේ අවස්ථාව උදාවී ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

    ඒ පිළිබඳව සහ දැනට ඊ්ශ්‍රායලයේ කෘෂිකාර්මික රැකියා තුළ මතුව ඇති බවට ඇතැමුන් ප්‍රශ්න කරන ගැටලුවලට ද අමාත්‍යවරයා පිළිතුරු දුන්නේ මෙසේ ය.

    මේ අතර ශ්‍රී ලාංකීය ශ්‍රමිකයන් ඩිජිටල් ශ්‍රම බලකාය තුළ දියුණු වීමට අවශ්‍ය කුසලතා සහ මෙවලම්වලින් සන්නද්ධ කරමින් සවිබල ගැන්වීම අරමුණු කෙරෙන “ජයගමු ශ්‍රී ලංකා මහජන ජංගම සේවය” ජුලි 5 සහ 6 යන දෙදින හක්මන ඩැනී අබේවික්‍රම ක්‍රීඩා පිටියේදී පැවැත්වේ.

    කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම වැඩසටහන මේ වනවිට දිස්ත්‍රික්ක කිහිපයක පවත්වා ඇත.

    රැකියා අපේක්ෂකයින්ට සහ රැකියා කරන පුද්ගලයින්ට එකසේ උපකාර කරන “ජයගමු ශ්‍රී ලංකා” වැඩසටහන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, ශ්‍රම වාසනා අරමුදල, ගරුසරු, ස්මාර්ට් යෞවන සමාජය සහ සංක්‍රමණික සේවක හරසර වැනි ප්‍රමුඛ පෙළේ සංවිධාන සමඟ එක්ව මහජන සුබසාධනයට සෘජුවම ප්‍රතිලාභ ලබා දෙන සම්මාන ලබා දෙයි.

    අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන්ට පාසල්වලට ස්මාර්ට් පුවරු සහ අධ්‍යාපනික උපකරණ ලබා මෙහිදී සිදුවන අතර “ජයගමු ශ්‍රී ලංකා” ප්‍රජා සුබසාධනයට දායක වෙමින් වෘත්තීය අපේක්ෂාවන් වැඩි දියුණු කිරීමට ඔබ්බට, අඩුආදායම්ලාභී පවුල් සහ සංක්‍රමණික සේවකයින් අතර ව්‍යවසායකත්ව මනෝභාවයක් පෝෂණය කර, වඩා හොඳ අනාගතයක් ගොඩනැගීමට අවස්ථාව සලසයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img