තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කටාරංගල රජමහා විහාරය බින්ඳ හොරා පස්සේ 'අයිබෝ' ඉවඅල්ලයි

    කටාරංගල රජමහා විහාරය බින්ඳ හොරා පස්සේ ‘අයිබෝ’ ඉවඅල්ලයි

    කටුගස්තොට කටාරංගල රජමහා විහාරයේ කෞතුකාගාරය බිඳ ඒහි තැන්පත්කර තිබුණු දඹරන් පිළිමයක් සමග රුපියල් 15,000ක මුදලක් සොරකම් කිරීම සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී පොලිස් නිල සුනඛ ‘අයිබෝ’ කිලෝමීටර් 03ක් ඉවකරමින් ගොස් ලබාදුන් ඔත්තුවකට අනුව ඊට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    කටාරන්ගල රජමහා විහාරස්ථානයේ සිට හල්ඔලුව බෝගස්කන්ද දක්වා කිලෝමීටර් 03ක් දුර ඉවකරමින් ගිය ‘අයිබෝ’ නිවසක් තුළට ගොස් ඇත. ඒහිදී ඒම නිවසේ සිටි පුද්ගලයෙකු අසලට ගොස් අයිබෝ ලබාදුන් සං‍ඥාවකට අනුව පොලීසිය ඒම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇත.

    ‘අයිබෝ’ තමාට ලද ඉව ඔස්සේ ගමන්කර ඇත්තේ විහාරස්ථානයට ඉහළින් පිහිටි ලදු කැලෑවක් ඔස්සේය. නිවස තුළට අයිබෝ ඇතුළුවන විට සැකකරු සිට ඇත්තේ නිදාගෙන ය.

    අයිබෝගේ ඉගියෙන් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 42 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකි. මෙම පුද්ගලයාව පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ පෙරේදා (02)ය. විහාරස්ථානයේ සොරකම පොලීසියට වාර්තා‌ වී ඇත්තේද පෙරේදා (02)ය.

    පිළිම වහන්සේ කිසියම් පිරිසක් විසින් සොරාගෙන ගොස් ඇති බවට පැමිණිල්ල කර ඇත්තේ විහාරාධිපති පිටකන්දේ ඥාණානන්ද හිමියෝ විසිනි.

    අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කර ඇතත් සොරකම් කල දඹරන් පිළිමය සොයා ගැනීමට පොලීසියට හැකියාවක් ලැබී නැත.

    සැකකරු ඊයේ(03) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 16 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

    සොරාගත් පිළිම වහන්සේ ඉන්දියාවේ සිට මෙරටට පැමිණි අවසන් මහරහතන් වහන්සේ වන මලියදේව මහරහතන් වහන්සේ විසින් වැඩම කර ඇති බවත් මෙය බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු ආදාහන රංදෙරණේ ඉතිරි වු රනින් නිමවා ඇති බවද පැවසේ.

    පොලිස් නිල සුනඛ අයිබෝ ලබාදුන් තොරතුරු ඔස්සේ සැකකරුවෙක් අත්අඩංගුවට ගත්තද සොරාගත් පිළිම වහන්සේ හමුවී නොමැති බැවින් මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ නියෝගයෙන් විමර්ශන කටයුතු මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයට ඊයේ (03) පවරා තිබුණි.

    (Photo – File Photo)

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img