සංශෝධිත මුදල ඉක්මවා බස් ගාස්තු අයකරන බස්රථ සොයා අද සිට වැටලීම් සිදුකරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
එවැනි බස් රථ සම්බන්ධයෙන් මගීන්ට ද ජාතික ගමනාගමන කොමිෂන් සභාව වෙත පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව එහි සැලසුම් අධ්‍යක්ෂ කේ එස් සී කරුණාරත්න කියා සිටී.
ඒ අනුව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ 1955 ක්ෂණික දුරකථන අංකයට හෝ 071 259 5555 දුරකථන අංකයේ WhatsApp මඟින්ද පැමිණිලි යොමු කළ හැකි බව ඔහු වැඩිදුරටත් පෙන්වා දේ.