fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජර්මානුවාට සල්ලි වංචා කළ බෙල්ජියම් ජාතිකයා කටුනායකදී අල්ලයි

    ජර්මානුවාට සල්ලි වංචා කළ බෙල්ජියම් ජාතිකයා කටුනායකදී අල්ලයි

    ඉදිකිරීම් ව්‍යාපෘති 04ක් සිදුකර දීමට ජර්මන් ජාතිකයකුගෙන් රුපියල් කෝටි 06කට අධික මුදලක් ලබාගෙන වංචාකර රටින් පළායාමට සූදානම් වූ බෙල්ජියම් ජාතික සමාගම් අධ්‍යක්ෂකවරයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ 01 අත්අඩංගුවට ගෙන ඇත.

    වයස අවුරුදු 31ක් වන මෙම බෙල්ජියම් ජාතික සැකකරුට එරෙහිව විදෙස්ගමන් තහනමක් පනවා තිබී ඇති බවත් එය නොදැන ඔහු රටින් පිටව යාමට සූදානම් වූ අවස්ථාවේදී අත්අඩංගුවට පත්ව ඇති බවත් ආරංචි මාර්ග සඳහන් කළේය.

    ජර්මන් ජාතිකයා ව්‍යාපෘති 04ක් ඉදිකිරීමට මෙම බෙල්ජියම් ජාතිකයා අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කරන සමාගමට විටෙන් විට රුපියල් 63,818,452ක මුදලක් ලබාදී ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම මුදල ලබාගෙන ඉදිකිරීම් සිදුකර නොදී මෙම මුදල් වංචාව කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.