තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රැදවියන්ට දෙන්න කුඩු රැගෙන ගිය බන්ධනාගාර නියාමක මාට්ටු

    රැදවියන්ට දෙන්න කුඩු රැගෙන ගිය බන්ධනාගාර නියාමක මාට්ටු

    රැදවියන්ට ලබාදීමට මඩකලපුව බන්ධනාගාරය තුළට මත්කුඩු රැගෙන ආ බන්ධනාගාර නියාමකවරයෙකු ඊයේ (01) බන්ධනාගාර නිලධාරීන් විසින්ම අල්ලා මඩකලපුව පොලිසියට භාරදී තිබේ.

    මෙම බන්ධනාගාර නියාමකවරයා මඩකලපුව බන්ධනාගාරයට අනුයුක්තව සේවය කරන නිලධාරියෙකි. මොහු බන්ධනාගාරයට මත්කුඩු රැගෙන එන බවටත් ඔහු සන්තකයේ ඒවා ඇති බවටත් බන්ධනාගාර නිලධාරීන්ට ඇතිවූ සැකයක් මත රාත්‍රියේදි මෙම බන්ධනාගාර නියාමකවරයා පරික්ෂාවට ලක් කර තිබේ.

    පරික්ෂාකිරීමේදී මෙම බන්ධනාගාර නියාමකවරයා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 800ක් තිබී සොයාගෙන ඇත. පසුව එම අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරු මඩකලපුව පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img