fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අලුත් නීති එක්ක ඇරඹුණු LPL -පළමු තරගය Kandy දිනයි

    අලුත් නීති එක්ක ඇරඹුණු LPL -පළමු තරගය Kandy දිනයි

    ලංකා ප්‍රිමියර් ලීග් ශූරතාව 2024 ඊයේ (01) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ අතර ආරම්භක තරගයේ දී දඹුල්ල කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කැන්ඩි කණ්ඩායම සමත් විය.

    පළමුව පන්දුවට පහර දුන් දඹුල්ල සික්සර් කණ්ඩායම කඩුලු 4කට ලකුණු 179ක් ලබා ගත් අතර ජයග්‍රහණය හඹා ගිය කැන්ඩි ෆැල්කන්ස් පන්දුවාර 17.2 කදී කඩුලු 4 දැවී ලකුණු 183ක් ලබා ගත්තේය.

    පන්දු පහළොවකදී ලකුණු 46ක් සහ ලකුණු 20/3ක් දවාගත් කැන්ඩි කණ්ඩායමේ දසුන් ශානක තරගයේ වීරයා සම්මානය හිමිකර ගත්තේය.

    මෙවර LPL තරඟාවලිය සඳහා නවනීතියක් හඳුන්වා දීමට තරඟ සංවිධායකින් කටයුතු කර තිබෙන අතර Power Blast නමින් සෑම කණ්ඩායමකටම අමතර පවර්ප්ලේ පන්දුවාර 02 ක් ලබා දෙයි. ඒ අනුව සෑම කණ්ඩායමකටම මෙම පවර්ප්ලේ පන්දුවාර දෙක 16 වැනි සහ 17 වැනි පන්දුවාරවලදී හිමිවන අතර Power Blast පන්දුවාර දෙක තුළ යාර 30 හේ සීමාවෙන් එපිට රැදවිය හැක්කේ ක්‍රීඩකයින් හතර දෙනෙක් පමණි.

    පළමු පන්දුවාර 06 තුළ ලැබෙන සම්ප්‍රදායික පවර්ප්ලේ අවස්තාවට අමතරව ලැබෙන මෙම පන්දුවාර දෙක පිතිකරුවන් හට වඩාත් වාසිදායක වනු ඇත.

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.