fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්එතෙර මෙතෙර ධනවතුන්ගේ සාක්කු වලට බසිමින් ඔන්ලයින් ගේම් ගැසූ විදේශිකයින් 205ක්...

    එතෙර මෙතෙර ධනවතුන්ගේ සාක්කු වලට බසිමින් ඔන්ලයින් ගේම් ගැසූ විදේශිකයින් 205ක් කොටු

    සංචාරක වීසා මගින් මෙරටට පැමිණ නීති විරෝධී ලෙස සංවිධානාත්මකව අන්තර්ජාලය ඔස්සේ විවිධ ජාවාරම්වල නිරතව සිටි විදේශිකයින් 205 දෙනෙක් ගෙවීගිය සතිය තුළ අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ කොච්චිකඩේ පොලීසිය සමත්ව තිබේ.

    මේ අතර වැඩි දෙනෙක් ඉන්දියානුවන් වන අතර එම ගණන 136 ක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් කළේය. මෙම ඉන්දියානුවන් කොච්චිකඩේ සහ බත්තරමුල්ල ආශ්‍රීතව අත්අඩංගුවට ගෙන ඇත. 20/20 ලෝක කුසලාන තරගාවලිය ඉලක්කරගෙන ඔවුන් අන්තර් ජාලය ඔස්සේ ඔට්ටු සූදුවේද නිරතව සිට ඇති බවද විමර්ශන වලින් අනාවරණය වී ඇත.

    මෙම වැටලීම් මාලවේ ආසන්නතම වැටලීම සිදුවන්නේ පසුගිය 28 දින රාත්‍රීයේ මීගමුව කුඩාපාඩුව ප්‍රදේශයේදීය. සංචාරක වීසා මගින් පැමිණි චීන ජාතිකයින් පිරිසක් එම ප්‍රදේශයේ හෝටලයක රැදී සිටිමින් ක්‍රිප්ටෝ කරන්සි ජාවාරම සිදුකර ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම ස්ථානයේ කරන ලද වැටලීමේදී චීන ජාතික කතුන් තිදෙනක් සහ චීන ජාතිකයින් තිස් දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත. එමෙන්ම පරිගණක, දුරකතන විශාල ප්‍රමාණයක් එම ස්ථානයේ තිබී අත්අඩංගුවට ගෙන තිබේ. සංචාරක විසා මගින් පැමිණ මාස දෙකක පමණ කාලයක් එම හෝටල් සංකීර්ණයේ කොටසක් කුලී පදනම මත ලබා ගනිමින් ඔවුන් මෙම ජාවාරමේ නිරතව සිට ඇත. ඇතැම් චීන ජාතිකයන් සතුව විදෙස් ගමන් බලපත්‍රද තිබී නැත.

    මීට පෙර ඉකුත් 27 දින බස්නාහිර පළාත් බුද්ධි කොට්ටඨාශයේ කොච්චිකඩේ උප ඒකකයේ නිලධාරීන්ට ලැබූ තොරතුරකට අනුව පලඟතුරෙයි ප්‍රදේශයේ පිහිටි සොලියුෂන් ප්‍රයිවට් ලිමිටඩ් යන නමින් පවත්වාගෙන ගිය අන්තර්ජාලයෙන් මුදල් ජාවාරම් කරන ස්ථානයක් වැටලීය. 20/20 ලෝක කුසලාන තරගාවලිය තරග සඳහා ඔට්ටු අල්ලා ඇත්තේ මෙම ස්ථානයෙනි.
    එම වැටලීමේදි ඉන්දියානු ජාතිකයින් 37 දෙනෙකු අත්තඩංගුවට ගත් අතර මොවුන් සතුව තිබී පරිගණක 67 ක් සහ තවත් උපකරණ තොයක්ද සොයා ගත් අතර මෙම වැටලීම කොච්චිකඩේ පොලීසිය මගින් සිදුකරන ලදී. මෙම වැටලීමෙන් අනතුරුව බත්තරමුල්ල ඇතුළු තවත් ස්ථාන කිහිපයක වැටලීම් කිහිපයක් සිදුකර තිබේ. මෙම වැටලීම් වලින් අත්අඩංගුවට ගන්නා ලද ඉන්දියානු ජාතිකයින් ගණන 136කි.

    පසුගිය 24 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීගමුව ප්‍රදේශයේ ඒ ජේ විලා සහ රිච් විලා සංචාරක ස්ථානවල වැටලීමක් සිදුකර ඇති අතර එහි ශ්‍රී ලංකිකයින් දෙදෙනෙක් ඇතුළු දී 33 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ද ක්‍රිප්ටෝ කරන්සි ජාවාරමේ යෙදී ඇත. ඔවුන් අතර පාකිස්ථානු ජාතිකයින් 21ක් නේපාල ජාතිකයින් 02ක්, ඇල්ජීරියානුවන් 02ක්, ඉන්දියානුවන් 02ක් බංගලාදේශ ජාතිකයින් 01ක් මාලදිවයින් ජාතිකයෙක්, ඉන්දුනීසියානු ජාතිකයෙක් සිට ඇත. මෙම ස්ථානවල පරිපාලන කටයුතු සිදුකර ඇත්තේ චීන ජාතිකයින් විසිනි. එය සිදුකළ චින ජාතික කාන්තාව සහ පිරිමි පුද්ගලයින් දෙදෙනා පසුගිය 26 දින රටින් පිටවීමට උත්සාහ ගනිද්දී ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබේ.

    තව දුරටටත් මෙවැනි ජාවාරම් සිදුවේදැයි යන්න පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශණයක් සිදුකරමින් පවතී.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.