fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලොකු පුටු වල වෙනසක්

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලොකු පුටු වල වෙනසක්

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නව සභාපතිවරයා ලෙස රාගම ශික්ෂණ රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය සංජිව තෙන්නකෝන් සහ නව ලේකම්වරයා ලෙස වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහත්වරු ඒකමතිකව තෝරා පත් කරගෙන තිබේ.

    සංගමයේ 97 වැනි සභාපතිවරයා සහ ලේකම්වරයා ලෙස සංගමයේ සාමාජිකත්වය විසින් පෙරේදා (29) දිනයේදී මෙම ධුරයන් තෝරා පත්කර ගෙන ඇත.

    සංගමයේ ව්‍යවස්ථාවට අනුව මෙම තෝරා පත් කර ගැනීම් සිදු කර ඇත.

    වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා කොළඹ ජාතික රෝහලේ සේවයේ නියුතු අතර විශේෂඥ වෛද්‍ය සංජීව තෙන්නකෝන් මහතා රාගම ශික්ෂණ රෝහලේ සේවයේ නියුතුව සිටියි.

    සංගමයේ ඉදිරි කටයුතු ව්‍යවස්ථාවට අනුකූලව විනිවිඳභාවයකින් යුතුව කරගෙන යාමටත්, සංගමයේ සාමාජිකත්වයේ ගැටලු හා ඔවුන්ගේ අයිතිවාසිකම් ලබාදීමට මෙන්ම රෝගී ජනතාවට වඩාත් යහපත් සෞඛ්‍ය සේවාවක් උරුමකර දීම සංගමයේ අපේක්ෂාව බව නව නිලධාරීන් පැවසූහ.

    වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ වීම හැකි පමණ අවම කරමින් සාකච්ඡා මාර්ගයෙන් අවශ්‍ය ගැටලු විසදා ගැනීමට සැලසුම් කරන බව ද ඔවුහු පැවසූහ.

    සංගමයේ හිටපු සභාපති විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන සහ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහත්වරු සංගමයේ ව්‍යවස්ථාවට අනුකූලව පසුගියදා සිය තනතුරුවලින් ඉවත් වූහ.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.