fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කුඩ්ඩොත් එක්ක ගේම් ගැසූ නාවික හමුදා බුද්ධි අංශයේ දෙදෙනෙකුට වැඩ වරදී

    කුඩ්ඩොත් එක්ක ගේම් ගැසූ නාවික හමුදා බුද්ධි අංශයේ දෙදෙනෙකුට වැඩ වරදී

    මහා පරිමාණයේ මත්කුඩු ජාවාරම්කරුවන් සමඟ හිතවත්කම් පාමින් මහා මුහුදේ සිදු කෙරන මත්කුඩු ජාවාරමට සහය දුන් බව කියන නාවික හමුදා බුද්ධි අංශ සාමාජිකයන් 02 ක් නාවික හමුදා විශේෂ විමර්ෂණ ඒකකයේ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ විමර්ෂණ ඒකකය මඟින් සිදුකල දීර්ඝ අභ්‍යන්තර විමර්ෂණයකින් අනතුරුව, මෙම නාවිකයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

    මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් සඳහා ආධාර සහ අනුබල දුන් බවට සැකකෙරෙන නාවික හමුදා බුද්ධි අංශයට අනුයුක්ත නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙක් නාවික හමුදා විශේෂ විමර්ෂණ ඒකකය මඟින් ඊයේ (30) අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාව ප්‍රකාශ කළේය.

    එම නාවික හමුදා සාමාජිකයින් දෙදෙනා ඉදිරි නීතිමය කටයුතු සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාරදීමට නියමිතව ඇත.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.