තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රාජ්‍ය සේවයේ විධායක සේවා ගණයේ නිලධාරීන්ට අද සිට රුපියල් 25,000ක මාසික...

    රාජ්‍ය සේවයේ විධායක සේවා ගණයේ නිලධාරීන්ට අද සිට රුපියල් 25,000ක මාසික දීමනාවක්

    රාජ්‍ය සේවයේ විධායක සේවා ගණයේ නිලධාරීන්ට රුපියල් 25000ක විශේෂ මාසික දීමනාවක් අද (01) දින සිට ක්‍රියාත්මක වන පරිදි ගෙවීමට රජය තීරණය කර තිබේ.

    මෙතෙක් සේවා කාලය මත පදනම ගෙවන ලද විශේෂ දීමනාව වෙනුවට සේවා කාලය නොසලකා රුපියල් 25000ක් විශේෂ මාසික දීමනාවක් ගෙවීමට පසුගිය (24) වැනිදා පැවැති ඇමැති මණ්ඩල රැස්වීමේ දී තීරණය කර ඇත.

    ඒ අනුව මෙම දීමනාව ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ, ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥ සේවයේ සහ ශ්‍රී ලංකා මිනින්දෝරු සේවයේ නිලධාරීන්ට ද හිමිවේ.

    ඊට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතාගේ අස්සනින් යුතුව අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත යොමු කර තිබේ.

    2025 .06. 26 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 18/2015 නිකුත් කිරීමෙන් පසු එම චක්‍රෙලේඛය සහ එයට අනුෂාංගිකව නිකතු කළ චක්‍රලේඛවල හිමිකම සමග එයට අතිරේකව සේවාවෙහි/ තනතුරෙහි සුවිශේෂිතා සැලකිල්ලට ගෙන, විශේෂ දීමනා අනුමත කළ සේවාවවලට/ තනතුරුවලට අයත් නිලධාරීන්ට මෙම චක්‍රලේඛය ක්‍රියාත්මක වන දිනට අදාළ විධිවිධාන අනුව හිමි වන දීමනාව/ දීමනා 25000ට වඩා අඩුනම්, ඔවුන්ට එම දීමනාව/ දීමනා සහ මෙම චක්‍රලේඛය මඟින් හිමිවන රුපියල් 25000 අතර වෙනස පමණක් ගෙවිය යුතු වන අතර, එම දීමනාව/ දීමනා රුපියල් 25000ට සමාන හෝ ඊට වඩා වැඩි වන්නේ නම්, එම දීමනාව/ දීමනා මෙම චක්‍රලේඛයට අනුව සංශෝධනය නොකළ යුතු බව එහි සඳහන් වේ.

    ඒ අනුව 2020.01.07 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 18/2015 (IV) මඟින් තාවකාලිකව අත්හිටුවන ලද අංක 18/2015 (III) දරන 2019.12.07 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය 2024.06.30 දින සිට අවලංගු කෙරෙන අතර 2011.12.12 දිනැති අංක 28/2011 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය අනුව ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ නිලධාරීන්ය, 2023.11.12 දිනැති අංක 23/2013 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය අනුව ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥ සේවයේ නිලධාරීන්ට මෙන්ම අමප/13/1466/533/016 හා 2013.10.31 දින පැවැති ඇමැති මණ්ඩල රැස්වීමේ දී එළඹි අංක 41.07 තීරණය අනුව ශ්‍රී ලංකා මිනින්දෝරු සේවයේ නිලධාරීන්ට එකී විධිවිධාන අනුව ගෙවනු ලබන දීමනා 2024.07.01 දින සිට ගෙවනු ලැබේ.

    මෙම චක්‍රලේඛය මහා භාණ්ඩාගාරයේ එකඟතාව ඇතිව නිකුත් කර ඇති අතර මෙම චක්‍ර ලේඛ විධිවිධාන 2024.07.01 දින සිට ක්‍රියාත්මක වේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img