fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලංකාවේ ගැහැණුන් බාගයක්ම 'මහතයි'

    ලංකාවේ ගැහැණුන් බාගයක්ම ‘මහතයි’

    ශ්‍රී ලංකාවේ සමස්ත කාන්තාවන්ගෙන් 50%ක් පමණ ස්ථූලතාවයෙන් පෙළෙන බව ශ්‍රී ලංකා පෝෂණ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති වෛද්‍ය තිමති වික්‍රමසේකර මහතා පවසයි.

    ළමුන් අතර ද ස්ථුලතාවය ඉහළ යමින් පවතින බව ද ඒ මහතා කියාසිටී.

    ලංකාවේ මන්දපෝෂණය ගැන නිරන්තරයෙන් අවධානය යොමු කරන නමුත් ස්ථුලතාවය පිළිබද අමතක කර ඇති බවද ඔහු පෙන්වා දේ.

    ළමා ස්ථූලතාවය ද ඉහළ යමින් තිබේ.

    කාන්තාවන්ගෙන් 50%කට ආසන්න ප්‍රමාණයක් අධි බර සහ ස්ථුලතාවයෙන් පෙළෙන බවට සොයාගෙන ඇත.

    එනිසා අලුත් පර්යේෂණ දත්ත පද්ධතියක් ලංකාවට අවශ්‍ය බව ඔහු අවධාරණය කරයි.

    ඒ අනුව මෙරට මන්දපෝෂණ තත්ත්වය අඩු වුවද අධි පෝෂණය ඉහළ ගොස් ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.