තවත්
    මුල් පිටුවspecialවිස්සයි-20 ලෝක කුසලාන අවසන් මහා තරගය හෙට

    විස්සයි-20 ලෝක කුසලාන අවසන් මහා තරගය හෙට

    විස්සයි 20 ලෝක කුසලානයේ ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන අවසන් මහා තරගය හෙට (29) රාත්‍රි බටහිර ඉන්දිය කොදෙව්හි බ්‍රිජ් ටවුන් හි දී පැවැත්වෙයි.

    අවසන් පූර්ව තරගවලදී එංගලන්තය ලකුණු 68කින් පරාජය කරමින් ඉන්දියාව ද, ඇෆ්ගනිස්ථානය කඩුළු 9කින් පරාජය කරමින් දකුණු අප්‍රිකාවද අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

    මෙවර විස්සයි 20 ලෝක කුසලානයේ තරග හතකට මුහුණ දී අපරාජිතව අවසන් මහා තරගයට පැමිණීමට ඉන්දියාව සමත් වූ අතර තරග හතකට මුහුණ දී ඉන් හයක් ජය ගනිමින් අවසන් මහා තරගයට පැමිණීමට දකුණු අප්‍රිකාව සමත් විය.

    දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව අවසන් වරට ක්‍රීඩා කළ විස්සයි 20 තරග පහෙන් තුනක ජය දකුණු අප්‍රිකාවටත් එක් තරගයක ජය ඉන්දියාවටත් හිමිව ඇති අතර ඉතිරි තරගය අතහැර දමා තිබේ. කෙසේ වෙතත් ඔවුන් මුහුණට මුහුණ හමුවූ අවසන් තරගය ජය ගෙන ඇත්තේ ඉන්දියාවයි.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img