තවත්

    හිරුණිකා හිරේට

    සමගි ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට කොළඹ මහාධිකරණය වසර තුනක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කර තිබේ.

    කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් අද (28) මෙම තීන්දුව ලබාදී ඇත.

    දෙමටගොඩ ප්‍රදේශයේදී 2015 දෙසැම්බර් 21 වැනිදා කළු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් තරුණයෙකු පැහැරගෙන ගොස් තර්ජනය කිරීමේ සිද්ධියකට අදාලව සිදුකල නඩු විභාගයක තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ඇය මෙසේ වරදකාරිය කර තිබේ.

    ඇයට විරුද්ධව ඉදිරිපත් වී ඇති චෝදනා 29 න් 18 කට ඇය වරදකරු වී ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img