අරලියගහ මන්දිර භූමියට ඩ්‍රෝන යානයකට සමාන INFRARED INDUCTION FLYING BALL වර්ගයේ ක්‍රීඩා උපකරණයන් යැවූ ඉන්දියානු ජාතිකයින් දෙදෙනෙක් කොල්ලුපිටිය පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.
මෙම ඉන්දියානුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය 24 වෙනිදා රාත්‍රී කාලයේදීය. ඒ අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශයෙන් කළ දැනුම්දීමකට අනුවය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ A. JAMIL නැමැති 23 හැවිරිදි සහ KHUESHED නැමැති 36 හැවිරිදි ඉන්දිවානු ජාතිකයන් දෙදෙනෙකි.