fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්චීන-වියට්නාම අගමැතිවරුන් අතර හමුවක්

    චීන-වියට්නාම අගමැතිවරුන් අතර හමුවක්

    චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා, වියට්නාම අග්‍රාමාත්‍ය Pham Minh Chinh මහතා හමුවෙයි.

    වියට්නාම අග්‍රාමාත්‍යවරයා 2024 ගිම්හාන ඩාවෝස් සමුළුව සඳහා සහභාගි වීමට ඊසානදිග චීනයේ Dalian නගරයට පැමිණ සිටී.

    නවයුගයේ චීන-වියට්නාම උපායමාර්ගික සහයෝගිතා තර කරමින්, පොදු අනාගතයක් සහිත චීන-වියට්නාම ප්‍රජාවක් ගොඩනැගීම පිළිබඳව දෙරට කොමියුනිස්ට් පක්ෂවල මහලේකම්වරු මීට පෙර ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කළහ. වියට්නාමය සමග එක්ව එම එකඟතා තවදුරටත් ක්‍රියාවට නංවමින් දෙරට ජනතාවට ප්‍රතිලාභ සැලසීමටත්, කලාපීය සාමය හා සංවර්ධනය සහතික කිරීමටත් චීනය සූදානමින් සිටින බව චීන අග්‍රාමාත්‍යවරයා එහිදී පැවසීය.

    දෙරට අන්‍යෝන්‍ය ආර්ථික හැකියාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ගනිමින්, එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ ඇතුළු උපායමාර්ගික සහයෝගිතා තර කොට, වෙළෙඳ හා ආයෝජන පරිමාණය පුළුල් කළ යුතු බව ද හෙතෙම පෙන්වා දුන්නේය. නව බලශක්ති සහ ඩිජිටල් ආර්ථිකය පිළිබඳ සහයෝගිතා නැංවීමේ අවශ්‍යතාව ද ඔහු අවධාරණය කළේය.  

    චීන – වියට්නාම ජනතා මිත්‍රත්වය තහවුරු කිරීම සඳහා සංචාරක, වෛද්‍ය අධ්‍යාපන සහ තරුණ කටයුතු වැනි ක්ෂේත්‍රවල මානව සහ සංස්කෘතික හුවමාරු පුළුල් කිරීමට ද චීනය අපේක්ෂා කරන බව ලී ච්‍යං මහතා පැවසීය.

    චීනය සමග පවතින දිගුකාලීන මිත්‍ර සහයෝගිතා සවිමත් කිරීම තම රටේ විදේශ ප්‍රතිපත්තියේ ප්‍රමුඛ අවශ්‍යතාවක් බව වියට්නාම අග්‍රාමාත්‍යවරයා එහිදී කියාසිටියේය. එසේම, වියට්නාමය එකම චීනය මූලධර්මය අනුගමනය කරමින්, චීනයේ සංවර්ධනයට සහාය දෙයි. වියට්නාම- චීන පොදු මානව ප්‍රජාවක් ගොඩ නංවා ඔවුන්ට පැහැබර අනාගතයක් උදා කර දීම සඳහා චීනය සමග එක්ව ක්‍රියා කිරීමට සූදානම් බව ද Pham Minh Chinh මහතා ප්‍රකාශ කළේය.

    NewsWave බෙයිජිං වාර්තාකරු

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.