තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ශ්‍රී ලාංකික දූත පිරිස හෙට රුසියාව බලා පිටත් වෙති

    ශ්‍රී ලාංකික දූත පිරිස හෙට රුසියාව බලා පිටත් වෙති

    රුසියානු කුලී හමුදාවට බැඳී පීඩාවට පත්ව සිටින මෙරට හමුදා සාමාජිකයන් පිළිබඳව සොයා බැලීමට රුසියාව බලා පිටව යන ශ්‍රී ලාංකික දූත පිරිස හෙට (24) මොස්කව් නුවර බලා පිටව යාමට නියමිතව ඇත.

    විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන දයාසිරි ජයසේකර, ගාමිණී වලේබොඩ, ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න, රුසියාවේ හිටපු තානාපති,ශ්‍රී ලංකා රුසියානු මිත්‍රත්ව සංගමයේ මහ ලේකම් වෛද්‍ය සමන් වීරසිංහ මහත්වරු සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඉහළ නිලධාරින් ඇතුළු පිරිසක් මෙසේ මොස්කව් බලා පිටව යති.

    මෙම ශ්‍රී ලාංකික දූත පිරිස සහ රුසියානු රජයේ නියෝජිතයන් අතර නිල හමුවීම් ලබන 26 වැනිදා මොස්කව් නුවරදී පැවැත්වෙයි.

    රුසියානු නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා සමඟ 26 වැනිදා උදෑසන හා රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා සමඟ එදින සවස මෙම නිල හමුවීම් පැවැත්වේ.

    ‍රුසියානු කුලී හමුදාවට බැඳී පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකික හමුදා සාමාජිකයන් පිළිබඳ තොරතුරු සොයා බැලීම,එවැනි හමුදා සමාජිකයන් නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව මෙම සාකච්ඡාවල දී අවධානය යොමු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    මෙම පිරිස ලබන 27 වැනිදා නැවත ශ්‍රී ලංකාව බලා පැමිණීමට නියමිතයි.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img