වත්මන් නීතිපති ජනාධිපති නීතීඥ සංජය රාජරත්නම් මහතාගේ ධුර කාලය මාස 6කින් දීර්ඝ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කරන ලද නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ දී ප්‍රතික්ෂේප වී තිබේ.
අවස්ථා දෙකකදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වූ අතර එම අවස්ථා දෙකෙහිම මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොතිබුණි.
ඒ අනුව අද (18) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.
එහිදී අවසන් තීරණයකට එළඹීම සඳහා ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් අතර ඡන්දයක් පවත්වා ඇත.
ඒ අනුව අදාළ නිර්දේශයට පක්ෂව ඡන්ද 03ක් පමණක් ලැබී ඇත.
විපක්ෂව ඡන්ද 05ක් ලැබීම හේතුවෙන් අදාළ යෝජනාව ප්‍රතික්ෂේප විය.
නීතිපති ජනාධිපති නීතීඥ සංජය රාජරත්නම් මහතාගේ සේවා කාලය මෙම මාසයෙන් අවසන් වීමට නියමිතයි.