තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්'කාන්තාරකරණය සහ නියඟයට ලොවම එකාවන් ව මුහුණදෙමු'

    ‘කාන්තාරකරණය සහ නියඟයට ලොවම එකාවන් ව මුහුණදෙමු’

    කාන්තාරකරණය සහ නියඟයට එක්සත් ව මුහුණදෙන ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා ජගත් ප්‍රජාවෙන් ඉල්ලා සිටී.

    ඔහු වීඩියෝ තාක්ෂණය ඔස්සේ දේශනයක් පවත්වමින් මේ බව පැවසුවේ, ඊයේ (17) දිනයට යෙදී තිබූ ලෝක කාන්තාරකරණය හා නියඟයට එරෙහිව සටන් කිරීමේ දිනය නිමිත්තෙනි. ජගත් ප්‍රජාව“කාන්තාරකරණයට එරෙහිව සටන් කිරීමේ එක්සත් ජාතීන්ගේ සම්මුතිය” කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව ද ගුටරෙස් මහතා එහිදී කියා සිටියේය.

    ඉදිරියේ දී පැවැත්වීමට නියමිත කාන්තාරකරණයට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුති පාර්ශ්වකරුවන්ගේ 16 වැනි සමුළුව සඳහා මනා වාතාවරණයක් නිර්මාණය කරන ලෙසත්, තරුණ ප්‍රජාවගේ අදහස් සාකච්ඡාවලට එක් කරගන්නා ලෙසත් ඔහු විවිධ රටවලින් ඉල්ලා සිටියේය.

    “කාන්තාරකරණයට එරෙහිව සටන් කිරීමේ එක්සත් ජාතීන්ගේ සම්මුතිය” 1994 වසරේ දී ප්‍රකාශයට පත් කෙරිණ. දරුණු නියඟයෙන් සහ කාන්තාරකරණයෙන් පීඩා විඳින රටවලට එම තත්ත්ව පාලනය කිරීම සඳහා සහාය වීම එහි අරමුණයි. එම සම්මුති‍යට ඇතුළත් සාමාජික රටවල් සංඛ්‍යාව මේ වනවිට 197 කි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img