පොසොන් පොහොය නිමිත්තෙන් මිහින්තලය වෙත පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් ගාස්තු අය කිරීමකින් තොරව ක්‍රියාත්මක වන විශේෂ දුම්රිය සේවාවක් අද (17) සිට ආරම්භ කර තිබේ.
දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ එම විශේෂ දුම්රිය කිහිපය අනුරාධපුරය – මිහින්තලය අතර ක්‍රියාත්මක වන බවයි.
එමෙන්ම, කොළඹ සිට මහව දක්වා දුම්රියෙන් පැමිණෙන මගීන්ට මහව දුම්රිය ස්ථානයේ සිට අනුරාධපුර දක්වා ද විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.
මේ වනවිට උතුරු දුම්රිය මාර්ගයේ මහව සහ අනුරාධපුර දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් වී නොමැති බැවින් මෙවර පොසොන් පොහොය වෙනුවෙන් දුම්රිය යෙදවීමට නොහැකිවී තිබේ.
එම නිසා බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් මහව සහ අනුරාධපුර අතර බස් රථ පමණක් 400ක් අතිරේකව යෙදවීමට පියවර ගෙන තිබේ.
මේ අතර අනුරාධපුරය හා මිහින්තලය අතර දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරිමෙන් අනතුරුව එය විවෘත කිරිම හා මංගල දුම්රිය ධාවනය අද පෙරවරුවේ ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර දුම්රිය ස්ථානයේ දී සිදුකෙරුණි.
ජාතික පොසොන් සතිය හෙට (18) සිට ආරම්භ වේ.
ඒ වෙනුවෙන් අටමස්ථානය කේන්ද්‍ර කරගනිමින් පිංකම් රැසක් සංවිධාන කර තිබේ.
මෙවර පොසොන් පුර පසළොස්වක පොහොය දිනය යෙදී ඇත්තේ ලබන 21 වැනිදාට ය.
ඒ අනුව හෙට සිට ලබන 24 වනදා දක්වා පොසොන් සතිය ප්‍රකාශයට පත් කිරීමට බුද්ධ ශාසන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
අනුරාධපුරය, මිහින්තලය හා තන්තිරිමලය කේන්ද්‍ර කර මෙවරත් පොසොන් උත්සවය උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතී.
මීට සමගාමීව මිහින්තලය කේන්ද්‍ර කොටගෙන විවිධ ආගමික වැඩසටහන් සංවිධානය කර ඇත.