තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කුඩ්ඩෙක්ට කූඩුවෙන් පනින්නට උදව් කළ සාජන්ට වූ දේ..

    කුඩ්ඩෙක්ට කූඩුවෙන් පනින්නට උදව් කළ සාජන්ට වූ දේ..

    මත්කුඩු සමඟ අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග මත හලාවත පොලිස් සිරමැදිරියේ රදවා සිටි මත්කුඩු ජාවාරම්කරුවෙකුට පැන යන්න ඉඩ සැලසූ හලාවත පොලිස් ස්ථානයේ සේවයේ නිතර පොලිස් සැරයන්වරුන් දෙදෙනකුගේ වැඩ තහනම් කරමින් එක් සැරයන්වරයකු හලාවත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    හලාවත කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් හෙරොයින් මිලිග්‍රෑම් 5870ක් සමඟ හලාවත වට්ටක්කල්ලියේ පදිංචි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය 13 වෙනිදාය.

    ගෞතම් නැමැති 29 හැවිරිදි වියේ පසුවන මෙම සැකකරු දින 07ක රැදවුම් නියෝග ලබාගනිමින් හලාවත පොලිස් ස්ථානයේ ඇති සිර මැදිරියේ රදවා ඇත්තේ ඉදිරි විමර්ශන කටයුතු සඳහාය.

    මෙසේ රදවා සිටි මෙම සැකකරු ඊයේ දහවල් 12.30ට පමණ පොලිස් ස්ථානයේ සිර මැදිරියෙන් පළාගොස් ඇති බව පොලීසිය කියයි. ඔහු පළාගොස් ඇත්තේ සිර මැදිරියේ අගුල් ලා නොතිබීම නිසා බව විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

    ඒ අනුව දිවා උපසේවා රාජකාරියේ නිරතව සිටි සැරයන්වරයාගේත් දිවා රාජකාරි භාරව සිටි සැරයන්වරයාගේත් වැඩ තහනම් කිරීමට හලාවත සහකාර පොලිස් අධිකාරීවරයා පියවර ගෙන ඇත.

    වැඩිදුර විමර්ශන පවත්වා උප සේවයේ සිටි සැරයන්වරයාව අත්අඩංගුවට ගෙන තිබේ.

    උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කරනු ලැබුවේ පළාගිය සැකකරු අද දහවල් කාලයේදී අත්අඩංගුවට ගත් බවය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img