තවත්

    හජ් උත්සවය අදයි

    මුස්ලිම් ජනතාව සමරනු ලබන ඊද්උල්අල්හා හෙවත් හජ් උත්සවය අද (17) අදට යෙදී තිබේ.

    නබි නායකතුමාගේ ඉගැන්වීම් අනුව යමින් මුස්ලිම් ප්‍රජාව සමගිය හා සාමූහිකත්වයට මුල් තැන දෙමින් මෙම දිනය සැමරීම හරහා ලෝකවාසී ජනතවට සාමයේ පණිවුඩය රැගෙන යයි.

    ඉස්ලාමීය දින දර්ශනයට අනුව දුල් හිජ්ජා මාසයේ දසවැනි දිනය හජ් උත්සවය සඳහා වෙන් කෙරෙයි.

    එම උත්සවය සැමරෙන්නේ, අල්ලා දෙවියන් ඊබ්‍රාහිම් නබිතුමාට දුන් අණක් පිළිපැදීම සඳහා ගත් උත්සාහයක් සිහිපත් කිරීම වෙනුවෙන් ය.

    ඉස්ලාම් බැතිමතුන් සතු පංච මහා වගකීම්වලින් පස්වැන්න ලෙස සැළකෙන්නේ ද, හජ් වන්දනාවයි.

    මෙම දිනයට සමගාමීව ඉස්ලාම් දහමට අනුව පංච මහා වගකීම්වලින් එකක් වන හජ් වන්දනාව සිදු කෙරෙයි.

    කොළඹ නගරයේ සහ දිවයිනේ පළාත් කිහිපයකම හජ් උත්සවය වෙනුවෙන් අද උදෑසන ආගමික වතාවත් සිදුකිරීමට නියමිතයි.

    කොළඹ මුස්ලිම් මහ පල්ලියේ හා දවටගහ ජුම්මා පල්ලියේද ඊට සමගාමීව ආගමික වතාවත් සිදුකෙරේ.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මුස්ලිම් ජනතාව වෙත නිකුත් කළ හජ් සැමරුම් සුබපැතුම් පණිවිඩය පහතින්.

    අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නිකුත් කළ හජ් සුබපැතුම් පණිවුඩය පහතින්.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් නිකුත් කරන ලද හජ් දින සුබපැතුම් පණිවිඩය පහත දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img