තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්5 ශිෂ්‍යත්ව විභාගයට වෙනසක්

    5 ශිෂ්‍යත්ව විභාගයට වෙනසක්

    ඉදිරියේ දී 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු සමස්තය විභාගයෙන් පමණක් ගත නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

    5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 30%ක් 4-5 ශ්‍රේණිවල දී පන්තිකාමරය තුළ අධ්‍යාපනය ලබන අතර වාරයේ උපයාගත යුත් බව අමාත්‍යවරයා හෙලිකළේය.

    එය නිසි ලෙස තක්සේරු කිරීම ගුරුවරයාගේ වගකීම බවත් අධීක්ෂණය කිරීම පාසල් මණ්ඩල මගින් සිදු කෙරෙන බවත් හෙතෙම කියාසිටී.

    අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වන විට 1-6-10 නියමු ව්‍යාපෘති 2025 වර්ෂයේ ආරම්භ වේ.

    නව ලොව අධ්‍යාපන ප්‍රවණතා සැලකිල්ලට බඳුන් කර සැලසුම් කර ඇති මෙම අධ්‍යාපන ක්‍රමවේද අනුව වයස අවුරුදු 21 වන ව්ට පළමු උපාධිත් 23 වන විට පශ්චාත් උපාධි සහ 27න් ආචාර්ය උපාධියත් ලබා ගැනීමට ඉදිරියේ දී දරුවන්ට අවකාශ උදා වන බව අමාත්‍යවරයා කීය.

    විද්‍යාපීඨ 19 ම එකතු කර හදන විශ්වවිද්‍යාලයෙන් බිහිකරන විද්‍යාවේදී උපාධිධාරී ගුරුවරුන් පමණක් 2028 වර්ෂයේ සිට පාසල්වලට යොමු කිරීමට අපේක්ෂා කරන බව ද පැවසී ය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img