fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කෙහෙළිය සෞඛ්‍ය ඇමති කාලේ බාල ඖෂධ හදපු හැටිත් එළියට

    කෙහෙළිය සෞඛ්‍ය ඇමති කාලේ බාල ඖෂධ හදපු හැටිත් එළියට

    රක්ෂිත බන්ධනාගාරගතව සිටින කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටි සමයේදී මෙරට නිපදවූ තත්ත්වයෙන් බාල පිළිකා සහ ඖෂධ නිෂ්පාදනය කළ සමාගම විසින් කිසිදු අවස්ථාවක එම ඖෂධ නිෂ්පාදනයට අදාළ යන්ත්‍රෝපකරණ මෙරටට ආනයන කර නොමැති බව විගණන වාර්තාවකින් හෙළිව තිබේ.

    2017-2021 කාල සීමාවේදී එම සමාගම විසින් පලතුරු යුෂ නිෂ්පාදන යන්ත්‍රයක්, කිරි ගබඩා කරන උපකරණයක්, ජීවානුහරණ උපකරණ ආදිය පමණක් රේගුව හරහා ගෙන්වා ඇති බව එහි සඳහන් බව කියැවේ.

    එමෙන්ම මෙම සමාගම පලතුරු යුෂ නිෂ්පාදන සහ කිරි පැකට් නිෂ්පාදන යන්ත්‍ර ආනයනය කරනු ලබන සමාගමක් බවට විගණන වාර්තාවකින් අනාවරණය වී තිබේ.

    2023 වසරේ අප්‍රේල් මසදී ඖෂධ නියාමන අධිකාරිය විසින් අදාළ සමාගම පරීක්ෂාවට ලක්කර ඇත.

    එහිදී ඖෂධ නිෂ්පාදනයට සුදුසු කිසිඳු පහසුකමක් නොතිබුණු බවට තහවුරු වී ඇති බවද එම විගණන වාර්තාවේ දක්වා ඇතැයි සඳහන් ය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.