fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ශ්‍රීලංකන් ගන්න ආ ආයෝජකයන් 3ක් රජය සමඟ සාකච්ඡා

    ශ්‍රීලංකන් ගන්න ආ ආයෝජකයන් 3ක් රජය සමඟ සාකච්ඡා

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනේ කොටසක් ලෙස රජය සතු ව්‍යවසායන් කිහිපයක් පෞද්ගලීකරණය කිරීමට රජය කටයුතු කරමින් සිටින බවත් ශ්‍රීලන්කන් එයාර්ලයින්ස් ද ඉන් එකක් බවත් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් නටාල් මහතා පැවසීය.

    “රජය විසින් ගෙන යන IMF වැඩසටහනේ කොටසක් ලෙස රජය සතු ව්‍යවසායන් ගණනාවක් පුද්ගලීකරණය කිරීමට උත්සාහ කරයි. එයින් එකක් ශ්‍රී ලංකන් ගුවන් සේවයයි.” නටාල් මහතා බදාදා ඉන්දීය මාධ්‍යයක් වන ANI වෙත අදහස් දක්වමින් කියාසිටියේ ය.

    “ඒකේ කොටස් දෙකක් තියෙනවා. එකක් නම්, අපගේ ශේෂ පත්‍රය සඳහා අපට උපකාර කිරීමට රජය ක්‍රියා කරනවා. ඒ සමඟ බොහෝ වැඩ කටයුතු කරලා තියෙන්නේ. ඉදිරි මාස එකකින් හෝ දෙකකින් එය අවසන් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

    ඊට පස්සේ අනිත් පැත්තෙන් අපි ආයෝජකයෙක් හොයනවා. ඒ සඳහා ආයෝජකයන්ගේ අභිමතය ප්‍රකාශ කිරීම අප්‍රේල් මාසයේදී අවසන් වුණා. අපේක්ෂකයින් හය දෙනෙක් ආවා. එය දැන් තුනක් දක්වා අඩු කර තියෙනවා. එබැවින් රජය දැන් ආයෝජකයන් තුන්දෙනෙක් සමඟ සාකච්ඡා කරමින් සිටිනවා. එතැන් සිට සිදුවන්නේ කුමක්දැයි අපි බලමු. ”ඔහු පැවසීය.

    ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ආයෝජනය කිරීමට කිසිදු ඉන්දීය සමාගමක් කැමැත්තක් දක්වා නොමැති නමුත් එක් සමුහ ව්‍යාපාරයක් ඉන්දියානුවන් කිහිප දෙනෙකු සිටින බව නිරීක්ෂණය වූ බව ප්‍රධාන විධායක නිලධාරීවරයා පැවසීය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.