fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මෙරටට පෞද්ගලික වාහන ගෙන්වන දවස IMF කියයි

    මෙරටට පෞද්ගලික වාහන ගෙන්වන දවස IMF කියයි

    මෙරට තුළ තවමත් පවතින වාහන ආනයනය තහනම ඉවත් කරන ආකාරය පිළිබඳ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල(IMF) ප්‍රකාශයක් කර තිබේ.

    එම අරමුදලේ විධායක මණ්ඩලය ශ්‍රී ලංකාව සඳහා වන දෙවැනි සමාලෝචනය අවසන් කර මෙරටට අනුමත කර ඇති අවසන් වාරිකය නිදහස් කිරීම සඳහා වන ප්‍රවේශය ඊයේ වනවිට සකස් කළ අතර ඒ පිළිබඳ අද අමෙරිකාවේදී පැවති මාධ්‍ය හමුවේදී මේ බව පවසා ඇත.

    IMF ප්‍රකාශයට අනුව ශ්‍රී ලංකාව 2025 වනවිට මෝටර් රථ ආනයනය සඳහා වන සීමාවන් ලිහිල් කිරීමට මූලික මාර්ග සිතියමක් සකස් කර ඇත.

    එහිදී මේ වසරේ (2024) 3 වන කාර්තුවේදී පොදු මගී සහ විශේෂ කාර්ය වාහනවලින් ආනයන තහනම ලිහිල් කිරීම ආරම්භ වේ.

    පසුව මේ වසරේ 4 වන කාර්තුවේදී භාණ්ඩ ප්‍රවාහනය කරන වාහන ගෙන්වීමට කටයුතු කරනු ඇත.

    සෙසු සියලු වාහන ආනයන සීමා ඉවත් කිරීම ලබන වසරේදී සිදුකරනු ඇති බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසයි.

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව පිළිබඳ අවසන් කරන ලද දෙවනි සමාලෝචනය පිළිබඳ නිකුත් කරන ලද ප්‍රකාශය පහතින්.

    press_20240613_IMF_concludes_consultation_with_sri_lanka_s
    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.