තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තැපැල් සේවකයොත් වර්ජනයක

    තැපැල් සේවකයොත් වර්ජනයක

    සියලුම තැපැල් සේවකයින් අද (12) මධ්‍යම රාත්‍රියේ සිට අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට සැලසුම් කර තිබේ.

    ඒ, සේවකයින් බඳවා නොගැනීමට විරෝධය පළ කරමිනි.

    ඒකාබද්ධ තැපැල් සේවක වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේ, සේවක හිඟය හේතුවෙන් මේ වනවිට තැපැල් දෙපාර්තමේන්තුව අකර්මන්‍ය වී ඇති බවයි.

    මේ අතර ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු සංගමය ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද 6 වැනි දිනටත් ක්‍රියාත්මකයි.

    එහි සභාපති හේමචන්ද්‍ර ගුණසිංහ මහතා සඳහන් කළේ, බඳවා ගැනීමේ පටිපාටියක් අනුමත නොකිරීම ඇතුළු කරුණු මුල් කර ගනිමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කළ බවයි.

    මේ හේතුවෙන් ග්‍රාමීය මාර්ග හා පාලම් ව්‍යපෘතියේ කටයුතු අඩාල වීමේ අවදානමක් පවතින බව ඔහු ප්‍රකාශ කළේ ය.

    මේ අතර රජයේ මිනින්දෝරු සංගමය ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද දෙවැනි දිනටත් ක්‍රියාත්මකයි.

    එහි සභාපති දුමින්ද උඳුගොඩ මහතා සඳහන් කළේ, මේ හේතුවෙන් උරුමය ඔප්පු ලබා දීමේ වැඩපිළිවෙළට බාධා මතුව ඇතිවන බවය.

    තව ද විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් ආරම්භ කර ඇති අඛණ්ඩ වැඩවර්ජනයට අදට දින 41 කි.

    ඔවුන් වර්ජනයේ නිරත වන්නේ අනධ්‍යයන සේවකයින්ගේ වැටුප 15% කින් කප්පාදු කිරීමත්, අනධ්‍යන සේවකයින්ගේ මාසික හිලව් දීමනාව වැඩි නොකිරීමටත් විරෝධය පළ කරමිනි.

    වර්ජනය හේතුවෙන් සියලු විශ්වවිද්‍යාලවල හා උසස් අධ්‍යාපන 17ක කටයුතු අඩාල වී තිබේ.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img