තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොදු තැන්වල ලිංගික හිරිහැර බෑ: හැදෙන නීති පියවරක් ඉදිරියට

    පොදු තැන්වල ලිංගික හිරිහැර බෑ: හැදෙන නීති පියවරක් ඉදිරියට

    පොදු ස්ථානවලදී සිදු වන ලිංගික හිරිහැර සහ ලිංගික අඩන්තේට්ටම් ඇතුළු සියලු ආකාරයේ ලිංගික හිරිහැර සහ ලිංගික අඩන්තේට්ටම් අපරාධයක් බවට පත් කරමින් දණ්ඩ නීති සංග්‍රහය සඳහා සංශෝධන හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබේ.

    ඒ සඳහා 2022-12-12 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

    ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පතට නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබේ.

    එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img