තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නීතිපති ගැන තීන්දුව කල්යයි

    නීතිපති ගැන තීන්දුව කල්යයි

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නීතිපතිවරයාට සේවා දිගුවක් ලබාදීමට දී ඇති නිර්දේශය අනුමත කිරීම තවදුරටත් කල්දැමීමට ඊයේ රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සභාව තීරණය කර තිබේ.

    ඒ, ඊට අදාළ නීතිමය ගැටලු කිහිපයක් නිරාකරණය නොවීම හේතුවෙනි.

    අදාළ නීතිමය තත්ත්වයන් පැහැදිලි කර ගැනීමෙන් පසු ලබන සඳුදා යළි ඒ පිළිබඳව සලකා බලන බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ප්‍රධානී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

    නීතිපති සංජේ රාජරත්නම් මහතාට මාස 6 ක සේවා දිගුවක් ලබා දීමට ජනාධිපතිවරයා පසුගියදා නිර්දේශ කළේය.

    නීතිපති සංජේ රාජරත්නම් මහතා ලබන 26 වැනිදා විශ්‍රාමට යාමට නියමිත ය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img