තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මාකුඹුර හබ් එක ඇතුළටම බසයක් ගිහින් -5ක් රෝහලේ

    මාකුඹුර හබ් එක ඇතුළටම බසයක් ගිහින් -5ක් රෝහලේ

    කොට්ටාව, මාකුඹූර බහුවිධ ප්‍රවාහන සේවා මධ්‍යස්ථානයේ නැවැත්වීමට ගිය පෞද්ගලික බස් රථයක් මධ්‍යස්ථානයට තුළට කඩාවැදීමෙන් මගීන් 05 දෙනෙකු තුවාල ලබා තිබේ.

    පාදුක්ක සිට පිටකොටුව දක්වා ධාවනය වෙමින් තිබූ අදාල බස්‌රථය බහුවිධ ප්‍රවාහන සේවා මධ්‍යස්ථානයට ඇතුල් කිරීමේදී තිරිංග අක්‍රීය වීමෙන් එහි රියදුරුට රථය පාලනය කරගැනීමට නොහැකි වීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.

    අනතුරින් බස් නැවතුම්පොළට දැඩි ලෙස අලාභ හානි සිදුවී ඇත.

    බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගත්බව පොලීසිය පවසයි.

    අනතුරින් තුවාල ලැබූවන් රෝහල්ගත කළ බව පොලීසිය පැවසීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img