fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තුන්වැනි වාරිකය ලංකාවට දීම ගැන IMF තීරණය අද

    තුන්වැනි වාරිකය ලංකාවට දීම ගැන IMF තීරණය අද

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් විස්තීරණ අරමුදල් පහසුකම (EFF) පිළිබඳ දෙවන සමාලෝචනය අද (12) සිදු කිරීමට නියමිතය.

    එය ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ඉදිරි ගමනට වැදගත් සන්ධිස්ථානයක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පෙන්වා දේ.

    රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ අපගේ ජාත්‍යන්තර හවුල්කරුවන් ශ්‍රී ලංකාවේ ප්‍රයත්නයන්ට අඛණ්ඩව සහය දක්වන බව විශ්වාස කරන බවයි.

    එමෙන්ම අපේක්‍ෂිත ඇමරිකානු ඩොලර් මිලියන 335ක 3 වැනි වාරිකය නිදහස් කර ගැනීමට අවස්ථාව ලබා දෙනු ඇති බව ද ඔහු කියාසිටී.

    එමඟින් මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල සහ වර්ධනය පිළිබඳ විශ්වාසය තවදුරටත් ඉහළ නැංවෙනු ඇත.

    ද්විපාර්ශ්වික හවුල්කරුවන්ගේ අඛණ්ඩ සහයෝගය මත ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් අවසන් කිරීමේ අවසන් අදියර ශ්‍රී ලංකාව පසු කරමින් සිිටී.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.