fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාස්පොට් ගන්න එද්දී මේ ගැන සැළකිලිමත් වෙන්න..

    පාස්පොට් ගන්න එද්දී මේ ගැන සැළකිලිමත් වෙන්න..

    විදේශ ගමන් බලපත්‍රය ලබාගැනීමට ඉල්ලුම් කිරීමේදී පැහැදිලි ජාතික හැදුනුම්පතක් රැගෙන එන ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

    අපහැදිලි පැරණි ජාතික හැදුනුම්පත් හිමි අයදුම්කරුවන් විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට පැමිණීමේදී නව ජාතික හැදුනුම්පතක් ලබාගෙන පැමිණීම සිය කාර්යයන් ඉටුකර ගැනීමට පහසුවක් වන බව ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය පැවසීය.

    සියලු රටවල් පිළිගන්නා ගමන් බලපත්‍රයක් නිකුත් කිරීම සිය දෙපාර්තමේන්තුවේ අපේක්ෂාව වන බවද හෙතෙම සඳහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.