fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හුංගම ව්‍යාපාරිකයකු වෙඩි වැදී මරුට

    හුංගම ව්‍යාපාරිකයකු වෙඩි වැදී මරුට

    හුංගම පොලිස් වසමේ රන්න, තිස්ස පාරේ පිහිටි සුහඳ ලංකා හාඩ්වෙයාර් ආයතනයේ හිමිකරු වෙඩි වැදීමකට ලක්ව අභිරහස් ලෙස මියගොස් ඇත.

    එස්.එන්. ලංකාමුල්ල (51) නැමැති මෙම ව්‍යාපාරිකයාට වෙඩි වැදී ඇත්තේ ෂෙට් ගන් වර්ගයේ ගිනි අවියකිනි. එම අවිය එම ව්‍යාපාරිකයාට අයත් එකක් බව විමර්ශන වලින් හෙළිවූ බව පොලීසිය කියයි.

    මෙම ව්‍යාපාරිකයා බිරිඳ හා දියණිය සමඟ පදිංචිව සිට ඇත්තේ ඔහුට අයත් ව්‍යාපාරික ස්ථානය පිහිටි ගොඩනැගිල්ලෙහි ඉහළ මහලේය. ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි සැලට අමතරව බ්ලොක්ගල් වැඩ පොලක් ද ඇතුළුව ව්‍යාපාර කිහිපයක හිමිකරුවෙක් වන මෙම ව්‍යාපාරිකයා වෙඩි වැදීමට ලක්ව මියගොස් ඇත්තේ ඔහුගේ ව්‍යාපාරික ස්ථානය පිහිටි ගොඩනැගිල්ලෙහි කොරිඩෝව තුළදීය.

    ඔහුගේ මරණය ඝාතනයක්ද? සියදිවි හානිකර ගැනීමක්ද? යන්න ගැටළුවක් ඇති බවත් වැඩි බරක් ඇත්තේ සියදිවි හානිකර ගැනීමක් වෙත බවත් පොලීසිය කියයි. මෙම මරණය සම්බන්ධයෙන් නිවැසියන්ද පරස්පර කථා පවසන බව පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.