fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ළඟදි මොහුව දැක්කද? පොලීසියට වහාම කියන්න..

    ළඟදි මොහුව දැක්කද? පොලීසියට වහාම කියන්න..

    එංගලන්තයේ සහ පෝලන්තයේ රැකියා අවස්ථා ලබාදෙන බව සඳහන් කරමින් රුපියල් එක්කෝටි හැත්තෑපන් ලක්ෂයකට අධික මුදලක් වංචාකර සැඟව සිටින සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය මහජන සහය පතයි.

    රාජගිරියේ පිහිටි ජනජය සිටි හෝල් ගොඩනැගිල්ලෙහි IMH LOGISTICS (PVT) LTD නැමැති ආයතනයක් පවත්වාගෙන යමින් මෙම වංචාව සිදුකර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    මෙම වංචාව සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමෙන් අනතුරුව මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් සැකකාරියක් අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයටද ඉදිරිපත් කර ඇත.

    මෙම ජාවාරම මෙහෙයවා ඇත්තේ අදාල ආයතනයේ හිමිකරු ලෙස පෙනී සිටි ප්‍රනාන්දු නැමැති අයෙක් බව අධිකරණයට ඉදිරිපත් කළ කාන්තාවගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවූ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ නිවේදනයක දැක්වේ.

    එම පුද්ගලයාගේ අනන්‍යතාවක් මෙතෙක් හෙළි නොවන බැවින් ඔහුව අත්අඩංගුවට ගැනීමට මහජන සහය අපේක්ෂාකරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

    මෙම ඡායාරූපයේ සිටින පුද්ගලයා ගැන යම් තොරතුරක් වෙතොත් 0718591643 අංකයෙන් මිරිහාන 1 පොලිස් අධිකාරීවරයා හෝ 0718137373 අංකයෙන් මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති අමතා දැනුම් දෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ඉල්ලා සිටී.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.