ඉන්දීය අගමැතිවරයා ලෙස තෙවන වරටත් නරේන්ද්‍ර මෝදි සිය ධුරයේ ඊයේ දිවුරුම් දීමෙන් පසු, නව රජයේ පළමු කැබිනට් රැස්වීම අද පැවැත්වීමට නියමිතයි.
මෝදි ඊයේ සවස රාෂ්ට්‍රපති භවන්හිදී දිවුරුම් දීමේ අවස්ථාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළුව විශේෂ ආරාධිත අමුත්තන් වන අසල්වැසි රටවල් 7ක නායකයින් සහභාගි වී තිබිණ.
නව ආණ්ඩුවේ ඇමති මණ්ඩලයට කැබිනට් අමාත්‍යවරුන් 30 දෙනෙකු, ස්වාධීන විෂයභාර රාජ්‍ය අමාත්‍යවරුන් 5 දෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරුන් 36 දෙනෙකු ඇතුළත් වේ.