fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"අපේක්ෂකයා රනිල් නම් අපේ විරෝධයක් නෑ"

    “අපේක්ෂකයා රනිල් නම් අපේ විරෝධයක් නෑ”

    පක්ෂය අවසන් තීරණයකට පැමිණ නොතිබුණත් මීළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන්නේ නම් ඒ සඳහා අපගේ විරෝධයක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවැසීය.

    රනිල් වික්‍රමසිංහ මහතාට මීළඟ ජනාධිපතිවරණයේ දී සහය දක්වන්නේ දැයි මාධ්‍යවේදින් කළ විමසීමකට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා අද (06) ඩාලිපාරේශ්‍රීලනිප මූලස්ථානයේ දී මේ බව සඳහන් කළේය.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වටා විශාලම සන්ධානය ගොඩනැගෙන නිසා මේ වනවිටත් ගම් මට්ටමෙන් පාක්ෂිකයන් දැනුවත් කිරීමේ කටයුතු ක්‍රියාත්මක බව හෙතම පැවැසීය.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපතිවරයා තනතුරෙන් ඉල්ලා අස්වන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කර ඇති අතර එහි වැඩ බලන සභාපති වැඩ බලන ලේකම් සඳහා මේ වන විට අධිකරණය මගින් දිගින් දිගටම වාරණ නියෝග පනවා ඇතැයිද කියා සිටියේ ය.

    පක්ෂයේ මධ්‍යම කාරක සභාව කැඳවා නව නිලධාරි මණ්ඩලයක් පත්කරගෙන ඇති බවත් ඒ අනුව වැඩ බලන සභාපතිවරයා ලෙස අමාත්‍ය නිමල් සිරිපාද සිල්වා මහතා කටයුතු කරන බවත් ඔහු පැවසීය.

    ශ්‍රිලනිප භාණ්ඩාගාරික රාජ්‍ය අමාත්‍ය ය ලසන්ත අලි ගෙවන්න මහතා ද මෙහි දී අදහස් දැක්වී ය.

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.