fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අමරවීර, නව සන්ධාන රැලිය අම්බලන්තොටට ගෙනෙයි

    අමරවීර, නව සන්ධාන රැලිය අම්බලන්තොටට ගෙනෙයි

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධාන ජන රැලිය ජුනි 08 හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට නගර මධ්‍යයේ දී පස්වරු 2ට පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

    කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් මෙම ජන රැලිය සංසංවිධානය කර තිබේ.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව නව සන්ධාන වැඩපිළිවෙළ වඩාත් ශක්තිමත් ඉදිරියට ගෙන යාම මෙහි අරමුණ වී ඇත.

    ඉදිරියේදී තවත් පක්ෂ, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන සම්බන්ධ කර ගනිමින් දැවැන්ත හා පුළුල් සන්ධානයක් ගොඩනගන බව නිමල් ලාන්සා මහතා පවසයි.

    මෙම ජන රැලියට නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක, සුසිල් ප්‍රේම්ජයන්ත, නලින් ප්‍රනාන්දු, අනුර ප්‍රියදර්ශන යාපා, නිමල් ලාන්සා, ප්‍රියංකර ජයරත්න යන මහත්වරුන් ඇතුළු නව සන්ධානයට සහය දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, වෘත්තිය සමිති නියෝජිතයින් හා සිවිල් ක්‍රියාකාරීන් රැසක් සහභාගි වීමට නියමිතව ඇත.

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.