fbpx
තවත්
    මුල් පිටුවspecialදකුණු අප්‍රිකාවට කඩුළු 6ක ජයක්

    දකුණු අප්‍රිකාවට කඩුළු 6ක ජයක්

    ශ්‍රී ලංකාව සමඟ නිව්යෝර්ක් නුවර අද (03) පැවති විස්සයි 20 ලෝක කුසලාන තරගයෙන් කඩුළු හයක ජයක් ලබා ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය.

    පිතිකරුවන්ට අසීරු තනතීරුවේ පළමුව පන්දුවට පහරදීමට තෝරාගත් නායක වනිඳු හසරංග ගේ තීරණය අභියෝගයට ලක් කළ දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු පිතිකරුවන් ලකුණු 77කට දවා ගත්හ.

    පන්දුවාර 19.1 කදී ශ්‍රී ලංකා කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කළ දකුණු අප්‍රිකාව සිය පිතිකරණයේ දී පිටියේ තනතිල්ල තේරුම් ගනිමින් ජයග්‍රහණය කරා ගමන් කළ බව ජාත්‍යන්තර විස්තර විචාරකයෝ පැවසූහ.

    දකුණු අප්‍රිකාව කඩුළු 4ක් පමණක් දැවී පන්දුවාර 16.2කදී ලකුණු 80ක් ලබමින් ජයග්‍රහණය ලබා ගත්තේය. පිතිකරණයේ දී වැඩිම ලකුණු ලබාගත් ක්වින්ටන් ඩි කොක් පන්දු විසි හතක දී ලකුණු 20ක් ලබා ගත්තේය.

    මෙම ජයග්‍රහණය සමඟ ඩී කොටසේ පෙරමුණට ඒමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්ව සිටියි.

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.