fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මන්ත්‍රී නලින්ගේ ජිප්රියේ යතුරුපැදිකරුවෙකු ගැටේ

    මන්ත්‍රී නලින්ගේ ජිප්රියේ යතුරුපැදිකරුවෙකු ගැටේ

    සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර මහතා ගමන් ගත් ජිප් රථය අද අලුයම 4.00 ට පමන කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ කෝන්ගස්දෙනිය හංදිය අසලදී අනතුරකට ලක්ව ඇත.

    ජිප් රථය හා යතුරුපැදියක් ගැටී මෙම අනතුර සිදුව ඇති බව නිට්ටඹුව පොලීසිය සඳහන් කළේය.

    මහනුවර දෙස සිට කොළඹ දෙසට මන්ත්‍රීවරයා රැගත් ජිප් රථය ගමන්කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.

    යතුරුපැදිකරු බීමතින් සිට ඇති බව විමර්ශන වලින් පෙනී යන්නේ යැයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.