තවත්
    මුල් පිටුවspecialඊශ්‍රායල ජාතිකයින්ට මාලදිවයිනේ දොර වැසේ

    ඊශ්‍රායල ජාතිකයින්ට මාලදිවයිනේ දොර වැසේ

    ඊශ්‍රායල ජාතිකයින්ට තම රටට ඇතුළු වීම තහනම් කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සූදනම් වන බවට මාලදිවයින නිවේදනය කරයි.

    ඒ අනුව මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු ඊශ්‍රායල් විදේශ ගමන් බලපත්‍ර සඳහා තහනමක් පැනවීමට තීරණය කර ඇති බව ඔහුගේ කාර්යාලයේ ප්‍රකාශකයෙකු නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි අතර නව නීතිය ක්‍රියාත්මක වන්නේ කවදාද යන්න පිළිබඳ විස්තරයක් ඔහු විසින් ලබාදි නොමැත.

    මේ අතර මාලදිවයින් රජය ගත් තීරණයට පිළිතුරු වශයෙන්, ඊශ්‍රායල විදේශ අමාත්‍යාංශය එරට පුරවැසියන් මාලදිවයිනට නොයන ලෙසට දැණුම් දී ඇත. මෙම නිර්දේශයට ද්විත්ව පුරවැසිභාවය ඇති ඊශ්‍රායල ජාතිකයන් ද ඇතුළත් බව ඊශ්‍රායල අමාත්‍යාංශය පවසයි.

    “දැනටමත් රට තුළ සිටින ඊශ්‍රායල පුරවැසියන් සඳහා, පිටව යාම ගැන සලකා බැලීම නිර්දේශ කරනවා, මන්ද ඔවුන් කිසියම් හේතුවක් නිසා පීඩාවට පත්වුවහොත්, අපට සහාය වීම දුෂ්කර වනු ඇත,” අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

    ගාසා තීරයේ පවතින ගැටුම් හේතුවෙන් ඊශ්‍රායල ජාතිකයින් හට මාලදිවයින්ට පැමිණීම වලක්වාලන ලෙස දැඩි බලපෑමක් මාලදිවයින් ජනාධිපතිවරයාට එල්ලවී ඇති අතර ඒ අනුව ඔහු විසින් මෙම තීරණය ගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
    ඉකුත් වසරේදී ඊශ්‍රායල ජාතිකයින් එකලොස් දහසක් පමණ මාලදිවයිනට පැමිණ ඇති බවටද වාර්තාවේ.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img