fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගංවතුරෙන් විපතට පත්වූවන් ගලවාගන්න යුද හමුදාව එයි

    ගංවතුරෙන් විපතට පත්වූවන් ගලවාගන්න යුද හමුදාව එයි

    දිවයින පුරා බලපා ඇති අධික වැසි හේතුවෙන් ඇතිවූ ගංවතුරෙන් විපතට පත් ජනතාව මුදවාගැනීම සහ සහන සැපයීම සඳහා යුද්ධ හමුදා භට පිරිස් යොදවා තිබේ.

    අවශ්‍යතාවය පරිදි විපතට පත් ජනතාව මුදවාගැනීම සඳහා මෙලෙස යුද්ධ හමුදා භටපිරිස් යොදවා ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශයේ සහ යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරල් විකුම් ලියනගේ මහතාගේ උපදෙස් මත ය.

    හදිසි අවශ්‍යතාවයක් ඇති වුවහොත් ඒ සඳහා හට පිරිස් සූදානම් කර තබන ලෙස වැඩිදුරටත් යුද්ධ හමුදාධිපතිවරයා විසින් ආරක්ෂක සේනා ආඥාපතිවරුන් වෙත උපදෙස් ලබා දී ඇත.

    තවද, මාලිම්බඩ සහ සාලාව ප්‍රදේශයන් තුළ අවතැන්වූවන් සඳහා ආහාරපාන සැපයීමට අවශ්‍ය කටයුතු සිදුකිරීම සඳහා යුද්ධ හමුදා භට පිරිස් විසින් ආහාර පිසීමේ ස්ථානයන් ද මේ වනවිට ආරම්භ කර ඇත.

    කිරි ඇල්ල (අයගම), දෙහිඕවිට (තල්දුව), ගලතුරු ඔය (කිරි ඇල්ල), මොරවක, තවලම, තිහගොඩ, නෙළුව යන ප්‍රදේශවලට මේ වනවිට යුද හමුදා කණ්ඩායම බැගින් බෝට්ටු සමගින් යොදවා ඇතැයි යුද හමුදා මූලස්ථානය කියයි.

    රටේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ කටයුතු කරන ආකාරය මෙන්ම මෙරට ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට හදිසි ආපදාවන්හිදී ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ විධිමත් පුහුණුවීම් ජාතික සහ ජාත්‍යන්තර පුහුණුවීම් ඔස්සේ ලබාදීම නිරන්තරයෙන් සිදුවේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.