fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ස්පාඤ්ඤ කොන්සල් කාර්යාලය වසාදමන්න ඊශ්‍රායලයේ සූදානමක්

    ස්පාඤ්ඤ කොන්සල් කාර්යාලය වසාදමන්න ඊශ්‍රායලයේ සූදානමක්

    ජෙරුසලමේ පිහිටි  ස්පාඤ්ඤ කොන්සල් කාර්යාලයට පනවා ඇති සීමා ඉවත් කරන ලෙස කර ඇති ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව ඊශ්‍රායල විදේශ අමාත්‍ය Israel Katz මහතා නිවේදනය කරයි. එම ඉල්ලීම ඉදිරිපත් කර තිබුණේ ස්පාඤ්ඤ විදේශ අමාත්‍ය Jose Manuel Albares මහතා විසිනි.
     
    පලස්තීන රාජ්‍යය පිළිගැනීමට ස්පාඤ්ඤය ගත් තීරණයත් සමග බටහිර ඉවුරේ සිට පලස්තීනුවන්ට සේවා සැපයීම, කොන්සල් කාර්යාලයට තහනම් කළ බව ඊශ්‍රායලය මීට සතියකට පෙර නිවේදනය කළේය.

    මෙම ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව පැහැදිලි කරමින් ඊයේ (31) ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා X සමාජ මාධ්‍ය වේදිකාවේ සඳහන් කළේ, ජෙරුසලමේ ස්පාඤ්ඤ කොන්සල් කාර්යාලය සහ පලස්තීන පාලන අධිකාරිය අතර ඇති ඕනෑම සම්බන්ධයක් ඊශ්‍රායලයේ ජාතික ආරක්ෂාවට අනතුරක් වන බැවින් එය සම්පූර්ණයෙන්ම තහනම් කරන බවයි.
     
    කිසියම් මාර්ගෝපදේශ උල්ලංඝනයක් සිදු වුවහොත් කොන්සල් කාර්යාලය වසා දැමීම දක්වා ක්‍රියාමාර්ග ගැනීමට සිදුවනු ඇතැයි ද හෙතෙම අනතුරු අඟවා ඇත.
     
    නෝර්වේ, අයර්ලන්තය සහ ස්පාඤ්ඤය යන යුරෝපා රටවල් පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගන්නා බව පසුගිය මැයි 22 වැනිදා නිවේදනය කළේය. එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වයෙන් තුනෙන් දෙකකට වැඩි පිරිසක්, එනම් රටවල් 140 කට අධික සංඛ්‍යාවක් දැනටමත් පලස්තීන රාජ්‍යය පිළිගෙන ඇත. 
     

    NewsWave බෙයිජිං වාර්තාකරු

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img