fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සිගරට් බොන්නන් 50ක්වත් දවස ගානේ මියයනවා

    සිගරට් බොන්නන් 50ක්වත් දවස ගානේ මියයනවා

    දුම්වැටි භාවිතය හේතුවෙන් මෙරට පුද්ගලයින් 50කට ආසන්න පිරිසක් දෛනිකව මරණයට පත්වන බව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

    වසරකට පුද්ගලයින් 20,000ක් පමණ දුම්වැටි භාවිතයෙන් මරණයට පත් වන බව එම මධ්‍යස්ථානය පෙන්වා දේ.

    අදට (31) යෙදී ඇති ලෝක දුම්වැටි නිවාරණ දිනය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය මේ බව සඳහන් කර සිටී.

    “දුම්කොළ කර්මාන්තයේ මැදිහත්වීම්වලින් අපේ දරුවන් ආරක්ෂා කරගනිමු” යන්න මෙවර ලෝක දුම්වැටි නිවාරණ දිනයේ තේමාවයි.

    මේ වනවිට මෙරට දුම්වැටි භාවිතය 9.1%කින් අඩුවී ඇත.

    තරුණ පිරිස් අතර දුම්වැටි භාවිතය ඝීග්‍රයෙන් අඩුවෙමින් පවතින බව එම මධ්‍යස්ථානය කියයි.

    ලෝකයේ දුම්වැටි භාවිතය අඩුවෙමින් පවතින රටවල් අතර ශ්‍රී ලංකාව තුළ ද හොඳ ප්‍රවණාතාවක් පවතී.

    එහෙත් තවදුරටත් මිලියන 1.5ක පමණ පිරිසක් දුම්වැටි භාවිතය සිදුකරන බව මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කර සිටී.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.