fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඩයනාට උසාවියෙන් තවත් අවස්ථාවක් දෙයි

    ඩයනාට උසාවියෙන් තවත් අවස්ථාවක් දෙයි

    සිය පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණයට එරෙහිව ගොනු කර ඇති පෙත්සම තවදුරටත් පවත්වාගෙන යනවාද නැද්ද යන්න ගැන තීරණයක් ගැනීමට කාලය ලබාදීමට හිටපු රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මියට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවස්ථාවක් ලබාදුන්නේය.

    ඩයනා ගමගේ මහත්මිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නඩු තීන්දුව අධ්‍යනය කර පෙත්සම පවත්වාගෙන යන්නේද? ඉල්ලා අස්කර ගන්නේදැයි තීරණයක් ගැනීමට ඩයනා ගමගේ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බලා මෙම අවස්ථාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදී ඇත.

    ඒ අනුව අදාළ තීරණය දැනුම් දීම සඳහා පෙත්සම ජූලි මස 07වැනිදා කැඳවීමට නියම කෙරිණ.

    ගාමිණී අමරසේකර, කුමුදුනී වික්‍රමසිංහ සහ මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවන ලදී.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.