තවත්

    ඩයනාට නඩු?

    විදේශිකයෙක් වන හිටපු රාජ්‍ය ඇමති ඩයනා ගමගේ මහත්මිය ඒ බව සඟවා මෙරට විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් පවත්වනු ලැබීය.

    ඒ සම්බන්ධයෙන් ඩයනා ගමගේ මහත්මියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කිරීමක්ද කරනු ලැබීය.

    විමර්ශන උදෘතයන් මෙන්ම ඇගෙන් කළ ප්‍රශ්න කිරීමට අදාල කරුණුද නීතිපතිවරයා වෙත යොමු කරනු ලැබීය.

    ඒ අනුව ඩයනා ගමගේ මහත්මියට එරෙහිව අද දින බොහෝ විට චෝදනා ගොනුකරනු ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාරවරණය කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img