තිස් වසරක කාලයක් පැවති ත්‍රස්තවාදයෙන් මාතෘ භූමිය මුදාගෙන, ඒකීයභාවය ආරක්ෂා කිරීමට දිවි පිදූ රණවිරුවන් ඇගයීම සඳහා වන 15 වන ජාතික රණවිරු සැමරුම් උත්සවය හෙට (19) බත්තරමුල්ල ජාතික රණවිරු ස්මාරකය අභියසදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
රජයේ ප්‍රධානීන් ඇතුළු ආරක්ෂක ලේකම්ගේ, ත්‍රිවිධ හමුදාපති වරුන්ගේ, පොලිස්පති ඇතුළු තවත් රණවිරු ප්‍රධානීන්ගේ සහාගිත්වයෙන් සහ යුද්ධයෙන් දිවිපිදූ රණවිරුවන්ගේ දෙමාපියන්, විශ්‍රාමික ත්‍රිවිධ හමුදා නිලධාරින් මෙම සැමරුම් උත්සවයට සහභාගී වීමට නියමිත ය.
මෙම ජාතික රණවිරු සැමරුම් උත්සවයට යුද්ධයේදී සිය ජීවිත කැපකරමින් ආබාධිත තත්ත්වයට පත්වූ රණවිරුවන් මෙන්ම දිවි පිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් දිරිගැන්වීමට හා දැනට සේවයේ නියුතු රණවිරුවන් ඔප්නැංවීම සඳහා වැඩසටහනක් ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
මේ අතර 15 වන රණවිරු සැමරුම් දිනයට සමගාමීව නාවිකයන් 3,146 දෙනෙක් ඊළඟ නිලයට උසස් කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් නාවික හමුදාව පවසන්නේ සන්නද්ධ හමුදා සේනාධිනායකයා වන ජනාධිපතිවරයාගේ අනුමැතියෙන් යුතුව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා විසින් නාවික හමුදාවේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් 3,146 දෙනෙකුට මෙම උසස්වීම් සිදුකර ඇති බවය.