fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්GOSSIPෆෝබ්ස් සඟරාවේ '2024 ආසියාවේ 30න් පහළ 30'ට ලංකාවේ නිළියක්

    ෆෝබ්ස් සඟරාවේ ‘2024 ආසියාවේ 30න් පහළ 30’ට ලංකාවේ නිළියක්

    ෆෝබ්ස් සඟරාව විසින් මෙවර ප්‍රකාශයට පත්කරන ලද ‘2024 ආසියාවේ 30 න් පහළ 30’ ලැයිස්තුවට ශ්‍රී ලංකාවේ උපන් රංගන ශිල්පිනියක සහ චිත්‍රපට නිෂ්පාදිකාවක වන ඩිනාරා පුංචිහේවා ද ඇතුළත් වී තිබේ.

    විවිධ ක්ෂේත්‍ර හරහා තරුණ නායකයින් ලෙස හඳුනාගත් 300 දෙනකු අතරින් ඇය ද මෙලෙස ඇතුළත් වී ඇත්තේ ෆෝබ්ස් සඟරාව විසින් පළකරන ලද සිය නවවැනි වාර්ෂික ලැයිස්තුවේ විනෝදාස්වාදය හා ක්‍රීඩා අංශයට ය.

    දිනාරා 2018 වසරේ දී බොලිවුඩයේ ද ප්‍රසිද්ධියට පත් වූයේ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලවල ප්‍රදර්ශනය වූ ඇගේ කෙටි චිත්‍රපටය වන ‘මාලා’ සමඟිනි.

    එතැන් සිට ඇය අමතර චිත්‍රපට හතරකට පෙනී සිටියාය. ගාඩි, පොදු වැනි සිනමා නිර්මාණවලින් ඇයගේ රංගන හැකියාව විදහා දැක්වීය.

    ලන්ඩනයේ ක්වීන් මේරි විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියක වන දිනාරා අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට රංග කලාව සහ රංගනය හඳුන්වා දීම සඳහා කැප වූ ලාභ නොලබන ආයතනයක් වන Punchi Actors ආරම්භ කළාය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.